Rasa Sayura 1 රස සයුර 1 [Nishan I. Rathnayake Brand New Story]

රස සයුර – 01 කොටස

 

” මචන් උඹ සිතාරා අක්ක කියපු බෝඩිමට කතා කරලා බැලුවද නවතින්න පුලුව ද කියලා… දිනේෂය මගෙන් ඇහුවෙ අපි දවල්ට කන්න වාඩි වුන වෙලාවෙ.

 

“නෑ… මචන් මම අද වැඩ ඇරිල යන ගමන් ගිහින්ම කතා කරල බලනවා කියල හිතුවේ… සිතාර අක්ක දීපු එතන නම්බර් එක දැන් වැඩ නෑ…”

 

“ඔව් ඒක හොඳයි කෝල් කරනවාට වඩා…“

 

” බොසාට කියල පොඩ්ඩක් කලින් ගිහින් කතා කරල බලනවා. මොනා වෙයිද දන්නෙ නෑ… සිතාරා අක්ක කිව්ව විදිහට එතන ගෑනු අය විතරයි නවත්තගෙන තියෙන්නෙ… එයත් තව යාලුවො දෙන්නෙක් එක්ක එතන ඉඳල තියෙන්නෙ මෙහෙ වැඩ කරන කාලෙ… දැන් නම් කොහොම වෙයිද දන්නේ නෑ…”

 

“හම්ම්… මටත් උඹට උදව් කරන්න විදිහක් නෑ මචෝ මේ වෙලාවේ … අපේ ඇන්ටි තව කට්ටිය නවත්ත ගන්න බෑ මයි

කියනවානෙ…“

 

“ඒකට කමක් නැ මචන්… උඹ ඔතන අවුලක් දා ගන්න එපා… හොඳ තැතනෙ… මම අතනට ගිහින් කතා කරල බලන්නම්…“

 

ඔව්… බලපන්කො… එතන හරිගියේ නැත්නම් අපි වෙනතක් බලමු…“ දිනේෂයා කිව්වා.

 

***

 

මගේ නම කසුන් මාධව ගුණසේකර. මගේ තාත්ත පොඩි කාලෙදිම නැතිවෙලා. අම්මත් මාව පොඩි කාලෙදිම වෙන කසාදයක් කරගෙන ගෙදරින් ගිහින්. එයා ගැනත් ලොකු මතකයක් තිබුණෙ නෑ. පොඩි කාලෙ ඉඳන්ම මාව හදා වඩා ගත්තෙ ආච්චි. ආච්චි යන්තම් ගමේ ගෙදරක කුලියක් කරල තමයි කන්න බොන්න උගන්නන්න වියදම් කලේ. ඉතින් එහෙම ජීවත් වෙනකොට තියෙන අමාරුකම් ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑනෙ. මම හැබැයි හොඳට ඉගෙනගත්තා. ගමේ කොල්ලො එක්ක එහෙ මෙහෙ රවුම් ගැහුවත් ආච්චිට කීකරුව හිටියා. ඉස්කෝලෙ ගුරුවරුත් මට හරි ආදරෙයි. මට ඉගෙනගන්නත් ගොල්ලො උදව් කලා. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙලා මම උසස් පෙළ කොමස් කරන්න තෝරගත්තා. උසස් පෙළ

 

පන්තියෙදිත් මම හොඳට වැඩ කළා. මට ඒ කාලෙ ලව් එකක් කරන්න තරම් අවශ්‍යතාවයක් තිබ්බෙ නෑ. යාලු කෙල්ලො නම් ගොඩක් හිටියා. උන් එක්ක යාලු ෆිට් එකේ හිටිය මිසක් ලව් එකට සෙට් වුනේ නෑ.

 

කොහෙමහරි මගේ ජීවිතය කනපිට පෙරලුනේ මම උසස් පෙළ පන්තියෙ ඉන්නකොට මගේ ආච්චි පපුවෙ අමාරුවක් හැදිල නැතිවුනාට පස්සෙ. මගේ ළඟින්ම හිටපු එකම නෑයා ආච්චි නිසා එයා නැතිවුනාට පස්සෙ මම නිකම් තනිවුනා වගේ දැනුනා. අම්මගෙ වත් තාත්තගෙ වත් නෑයො මන් ගැන බැලුවෙ නෑ. අන්තිමට යාලුවන්ගෙත්, ඉස්කෝලෙ ගුරුවරුන්ගෙත් උදව්වෙන් මම උසස් පෙළ කලා. හොඳ ප්‍රතිඵලයක් තිබුනත් කැම්පස් යන්න රිසල්ට් මදි. කොහොමත් වෙන කොට කැම්පස් යන්න ආශාවක් තිබුණෙ නෑ. මට ඔනි වුනේ රස්සාවක් හොයාගන්න. මම ගමට සමුදීල කොළඹ එන්න තීරණය කලා. යාලුවෙක්ගෙ මාමා කෙනෙක් මාර්ගයෙන් කොල්ලුපිටියෙ දාපු අලුත් රෙදි කඩේක වැඩ කරන්න සෙට් වුනා. සාමාන්‍ය සේල්ස් වැඩ තමයි කරන්න තිබුණෙ. ඒත් මම කොමස් කරල තිබ්බ නිසා අකවුන්ට් සෙක්ෂන් එකේ වැඩත් මට සෙට් වුනා. ඒක නිසා අපිව බාරව හිටපු මැනේජර් බොසාගෙ හිතත් දිනාගෙන මට එතන වැඩ කරන්න

පුලුවන් වුනා.

 

ජොබ් එකට ආපු දවසෙ ඉඳන් නැවතිලා හිටියෙ කොල්ලුපිටියෙ බෝඩිමක. එතන අවුරුද්දක් විතර ඉන්නකොට ඒ ගෙදර හිටපු අය ගේ විකුණනවා කියල මට වෙන තැනක් හොයාගන්න කිව්වා ඉක්මනට. මාත් එක්ක වැඩ කරපු යාලුවන්ගෙ බෝඩිම් වල ඉඩ තිබුණෙත් නෑ. මාත් එක්කම මෙතන ජොබ් එකට ආපු යාලුවා තමයි දිනේෂ්. උගෙ බෝඩිමත් ෆුල් වෙලා තිබුණෙ. අන්තිමට අපිත් එක්ක වැඩ කරල අයින් වෙලා ගිය සිතාර අක්ක මට නම්බර් එකක් දුන්නා එයා නැවතිලා හිටපු බෝඩිමේ කියලා. ඒ නම්බර් එක වැඩ කරපු නැති නිසා මම ඇඩ්රස් එක ඉල්ලගෙන එතනට යන්න කියල හැදුවෙ.

 

***

 

මම හවස 4.00ට විතර බොසාට කියල එලියට ඇවිත් බයික් එකේ මහරගම පැත්තට ආවා. මහරගම ටවුන් එකෙන් ඇතුලෙ පාරක තමයි බෝඩිම තියෙනවා කිව්වෙ. මම පාර හොයාගෙන ඒ පාරෙ කිලෝමීටරයක් විතර ආවා. අංක 43/2 ආ.. මේ තියෙන්නෙ ගෙදර… කඩ කාමරයකුත් එක්ක තිබ්බ පොඩි ගෙයක් කඩ කාමරේ වහල දාල තිබෙ. පොඩි මිදුලක් තිබුනා. ඉඩමෙ වැට අයින දිගට

අන්දර වැටියක් ලස්සනට හිටවලා තිබුනා. පෙනුන විදිහට දොර වහලා තිබුනෙ. මම බයික් එක නවත්තලා දොර ගාවට ගිහින් දොරට තට්ටු කලා.

 

“ගෙදර කවුද?”

 

පොඩ්ඩ වෙලාවක් යනකොට දෙර ඇරුණා. උස මහත හුරුබුහුටි පෙනුමක් තිබුණ ලස්සන කෙල්ලෙක් දොර ළඟ හිටියා.

 

“ඇයි… කාව හම්බ වෙන්නද?“

 

“මේක සුසන්තා ඇන්ටිලගෙ ගෙදර ද?“

 

“ඔව්…“

 

“කෝ ඇන්ටි ඉන්නව ද?“

 

“ඔව් පොඩ්ඩක් ඉන්න…“ … “අම්මේ… අම්මේ… මේ කවුද ඇවිත් හම්බවෙන්න…“ කෙල්ල කෑ ගහගෙන ගේ ඇතුලට දිව්වා. කෙල්ල ඇඳගෙන හිටියෙ ෂෝර්ට් එකකුයි සැහැල්ලු ටී ෂර්ට් එකකුයි. දුවනකොට ෂෝර්ට් එක ඇතුලෙන් පිරුණු පස්ස පැද්දෙනවා මම දැක්කා. මම මිදුල පැත්ත බලාගත්තෙ ම කෙල්ලන්ගෙ හැඩ බලන්න නොවන නිසා. මෙතනට ආවෙ

 

විනාඩි කිහිපයක් ඉස්තෝප්පුවට වෙලා ඉන්නකොට ගේ ඇතුලෙන් කෙල්ලගෙ පෙනුමම තිබුන ටිකක් තරුණ ගැහැණු කෙනෙක් ගවුමට උඩින් ඉන වටේ ඇඳගෙන හිටපු චීත්තෙන් අත්

 

දෙක පිහිදන ගමන් එලියට ආවා.

 

මේ පුතා කවුද…?“

 

“මම ඇන්ටි මේ… මෙහෙ කලින් නැවතිලා හිටපු සිතාර අක්කගෙන් තැන අහගෙන ආවේ…“ මටත් පුතා කියල කතා කරපු නිසා මාත් ඇන්ටි කියල බය නැතුව කිව්වා.

 

“ආ සිතාර දුව… දැන් ටික කාලෙකට කලින් මෙහෙ බෝ වෙලා හිටියෙ… පුතා වාඩිවෙන්නකො…“ මම ඉස්තෝප්පුවෙ පුටුවක වාඩිවුනා

 

“ඔව් ඇන්ටි… මාත් මේ ආවෙ මෙහෙ කට්ටිය බෝඩිම් කරගන්නවද කියල අහන්න… සිතාර අක්ක එයා ගාව තිබ්බ නම්බර් එකට ඇන්ටිට කෝල් ගත්ත කිව්වා… ඒක වැඩකළේ නෑ…“

 

“ආ… ඔව් පුතා ඒ පරණ නම්බර් එක දැන් නෑ… වෙන එකක් තියෙන්නෙ…“

 

“ඒක තමයි…“

 

“ඉතින් පුතේ කාටද බෝඩිම…“

 

“මට තමයි ඇන්ටි බෝඩිමක් හෙව් වෙ… මම වැඩ කරන්නෙ කලින් සිතාර අක්ක වැඩ කරපු කඩේමයි…“

 

“අනේ පුතේ අපි පිරිමි අය මෙහෙ නවත්තගන්නෙ නෑනෙ… ඇරත් සිතාරා දුව එහෙම ගියාට පස්සෙ මම මෙහෙ කවුරුවත් නතර කරගත්තෙත් නෑ….

 

“අනේ එහෙමද ඇන්ටි… සිතාර අක්කත් කිව්වා ඒ කාලෙ නම් ගැහැනු අය විතරයි මෙතන නවත්තගත්තෙ කියල…“

 

“ඔව් පුතේ… මේ ගෙදර ඉන්නෙත් මායි කෙල්ලො දෙන්නයි විතරයිනෙ… ඉතින්… පිරිමි අය නවත්තගත්තෙ නෑ… ඊට වඩා දැන් ලොකු දුව ලබන අගෝස්තු වල විභාගෙ ලියනවා… ඉතින් මට වෙලාවට කෑම බීම එහෙම හදල දෙන්න අමාරුයි බෝඩිම් වෙලා ඉන්න අයට… මම රෙදි මහන එක කරන්නත් එපායැ…. සුසන්තා ඇන්ටිගෙ ගෙදර රෙදි මහල කඩවල් වලට දානව කියල මට සිතාරා අක්ක කියල තිබුනා.

 

“ම්ම්… ඒක තමයි නේද ඇන්ටි… මම එහෙනම් යන් නම්… මේ හරියෙ වෙන බෝඩිම් නැද්ද ඇන්ටි..“

 

“ම්…. බෝඩිම් නම් තියෙනවා… ඒත් පුතේ පුතා වගේ කෙනෙකුට නවතින්න හොඳයි කියල තැනක් කියන්න බෑ… සමහර තැන් වල එක එක ප්‍රශ්න තියෙනවා…“

 

“කමක් නෑ ඇන්ටි… මම එහෙනම් යන්නම් …“ මම යන්න පුටුවෙන් නැගිට්ටා.

 

“ඉන්න පුතේ… තේ එකක් බීල යන්න…

 

“අනේ එපා ඇන්ටි…. කරදර වෙන්න එපා… මම ගිහින් එන්නම්…“

 

” මොන කරදරයක්ද පුතා… තේ එකක් බීල යන්න…. ඉන්න මම ඉක්මනට හදාගෙන එන්නම්…“ ඇන්ටි එහෙම කියල කුස්සිය පැත්තට ගියා. විනාඩි පහකින් විතර ඇන්ටි බිස්කට් ටිකක් එක්ක තේ එකක් ගෙනාවා. මම ඇන්ටිට ස්තූති කරන ගමන් බිස්කට් එකකුයි තේ එකයි ගත්තා. ඇන්ටි දොරේ උලුවස්සට හේත්තු

 

වෙලා හිටියා මම තේ බොනකම්.

 

“මේ පුතාගෙ ගම් පලාත කොහොද…?“

 

“මම අනුරාධපුරේ… කැබිතිගොල්ලෑවෙ ඇන්ටි…“

 

“හම්මෝ… ගොඩක් දුර නේද ?… දැන් කොහෙද පුතා නැවතිලා ඉන්නේ…?“

 

“දැනට නම් ඉන්නෙ කොල්ලුපිටියෙ… ඒ ගෙදර විකුණනවා කියල මට වෙන තැනක් හොයා ගන්න කිව්වා ඉක්මනට…“

 

“අපොයි… එහෙමද… එතකොට මේ පුතාගෙ අම්ම තාත්තා එහෙම…”

 

“අම්මයි තාත්තයි නෑ ඇන්ටී… මම හැදුනෙ ආච්චි ගාව… ආච්චිත් දැන් ටික කාලෙකට කලින් නැති වුනා… ඊට පස්සෙ තමයි මම කොළඹ රස්සාවට ආවෙ…“

 

” අනේ දෙයියනේ… ඇන්ටිගෙ මූනෙ තිබුණෙ පුදුම දුක්බර

 

ගතියක්. ඇස්වල ලාවට වගේ කඳුලු පිරිල වගේ මම දැක්ක. ඇන්ටි ගොඩක් සංවේදී හොඳ කෙනෙක් කියල මට හිතුනා.

 

“එහෙනම් ඇන්ටි මම ගිහින් එන්නම්..“ මම තේ එක බීල නැගිට්ටා.

 

“අනේ පුතේ… ඔයාගෙ කතාව ඇහුවම මටත් දුකයි… ඒත් මට හෙ බෝඩිම් කරගන්න බෑනෙ… වෙන තැනක් හොයාගන්න පුලුවන් වෙයිද…?“

 

“අනේ ඒකට කමක් නෑ ඇන්ටි… මම තව පොඩ්ඩක් හොයල බලන්නම්… කොහොමත් මට හෙට අනිද්දට ඉන්න තැනින් යන්න වෙයි… වෙන තැනක් හොයාගන්නකම් මට යාලුවෙන්ගෙ තැනක් තියනවා එතන දවස් කීපයක් ඉන්න පුලුවන් වෙයි…“

 

“එහෙනම් පුතේ ඔයා වෙන තැනක් හොයාගන්න කම් ටික දවසක් මෙහෙ නවතින්න…“

 

“ඇන්ටිට කරදරයි නේද ඒක…“

 

“කමක් නෑ පුතා… කරදරේක වැටුනු වෙලාවට උදව්වක් නොකර

 

පුලුවන් ද? හැබැයි මට කෑම නම් දෙන්න විදිහක් නෑ… කඩෙන් තමයි කන්න වෙන්නෙ… ටික දවසකට නවතින්න නම් දෙන්නම්…“

 

66

 

“ඒකත් ලොකු උදව්වක් ඇන්ටි… කෑම නම් ඕනි නෑ…“

 

“එහෙනම් එන දවසක් මට කෝල් කරල කියන්නකො… එතකොට කාමරේ අස් කරල තියන්නම්… ගොඩ කාලෙකින් කවුරුවත් හිටපු නැති නිසා කාමරේ හොඳටම දූවිලි…… ඔන්න ඕක තමයි කාමරේ…“ ඇන්ටි මට ඉස්තෝප්පුවටම දොරක් තිබ්බ කාමරයක් පෙන්නුවා. ඒක පොඩි කාමරයක්… ඇඳක් මේසයක් එක්ක අවශ්‍ය භාණ්ඩ ටිකක් තිබ්බා. හැබැයි දූවිලි පිරිල.

 

“ඇන්ටිට කරදරයක් නැත්නම් මම හෙටම එන්නද එහෙනම්… මොකද මට තව අතන ඉන්න බෑ වගේ…“

 

66 හා පුතා කමක් නෑ…“

 

“එතකොට ඇන්ටි බෝඩිම් ගාස්තුව…“

 

“ටික දවසකටනෙ පුතා… ඒක නිසා ඉන්න දවස් ටික බලලා ගානක්

 

දෙන්න මට…“

 

“හා ඇන්ටි… අනේ ගොඩක් ස්තූතියි….. මේ කරපු උදව්වට… මම එහෙනම් හෙට හවසට එන්නම්…“

 

මම ඇන්ටිගෙන් සමු අරගෙන බයික් එක ස්ටාට් කරගෙන ආපහු එන්න පිටත් වුනා. බෝඩිමේ ප්‍රශ්න ටික කාලෙකට හරි විසඳුන එක ගැන හිතේ පුදුම සතුටක් තිබුනා. ඒ ඇන්ටිත් හරි හොඳයි කරුණාවන්තයි කියල මට හිතුනා. ඒත් එක්කම මුලින්ම දොර ඇරපු ඇන්ටිගෙ දුවගෙ ඡායාවත් මගේ හිතේ මැවුනා. ඇත්තටම දෙන්නම එක වගේ. සුදුයි ලස්සනයි කියල මට හිතුනා.

 

***

 

මතු සම්බන්ධයි…

 

ලියන්නේ නිෂාන්…

 

රස සයුර මගේ අලුත්ම කතාව. මීට කලින් කතා කිහිපයක් ලියලා තිබ්බත් එක එක හේතු නිසා ඒවා අවසානයක් කරා ගෙනියන්න බැරි වුනා. ඒත් ම් කතාව හෙමින් අවසානයට ගෙනියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *